Home උණුසුම් පුවත් බිත්තර ප්‍රශ්න ඉවරයි -මිලට කරන දේ..

බිත්තර ප්‍රශ්න ඉවරයි -මිලට කරන දේ..

බිත්තර ප්‍රශ්න ඉවරයි -මිලට කරන දේ..

අවුරුදු සමය ආසන්න වනවිට මෙරට බිත්තරයක මිල රුපියල් 40කටත් වඩා අඩුවනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

ඔහු සඳහන් කළේ බිත්තර නිෂ්පාදනය සම්බන්ධයෙන් පැවති ගැටළු මේ වනවිට නිරාකරණය වී ඇති බවයි.

එමෙන්ම ඉන්දියාවෙන් ආනයන කිරීමට නියමිත බිත්තරවලට වඩා අඩු මිලට මෙරට බිත්තර ලබාදීමට දැන් හැකියාවක් පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක කීය.

ඉන්දිය බිත්තරය රුපියල් 45කට අළෙවි කිරීමට සූදානම් නමුත් දේශීය බිත්තරයක් රුපියල් 40 කට අළෙවි කළ හැකි බව ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here