මුල් පිටුව උණුසුම් පුවත් ලීට්‍රෝ ගන්න සමාගම් 14ක් කැමතියි

ලීට්‍රෝ ගන්න සමාගම් 14ක් කැමතියි

0

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල කොටස් පවරාගෙන ගෑස් අලෙවිය සහ බෙදා හැරීම සඳහා ආයෝජකයින් 14 දෙනෙකු කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පවසයි.

මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාෂ කැඳවීම ඊයේ පස්වරුවේ 2 න් අවසන් විය.

ඒ අනුව ලාෆ්ස් ලංකා සමාගම මෙන්ම එක්සත් අරාබි එමීරය, සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව, තුර්කිය, තායිලන්තය ඇතුළු රටවල් කිහිපයක සමාගම් විසින් මෙම අභිලාෂ ඉදිරිපත් කර ඇත.

පහත දැක්වෙන්නේ මෙලෙස ලීට්‍රෝ බෙදාහැරීමට කැමැත්ත පළකර ඇති සමාගම් ලැයිස්තුවයි.

  1. Epdesa Pte Ltd, Singapore
  2. Bharat Petroleum Cop. Ltd., India
  3. Ayaz Anonim Sirketi, Republic of Türkiye
  4. SiamGas and Petrochemicals Public Company Limited, Thailand
  5. BGN Int DMCC, UAE
  6. Confidence Petroleum India Limited, India
  7. OQ Trading Limited, UAE
  8. Tristar Group, UAE
  9. ලාෆ්ස් ගෑස් පීඑල්සී, ශ්‍රී ලංකාව.
  10. United Petroleum Holdings, Malaysia
  11. Vitol Asia Pte Ltd., Singapore
  12. ඉන්ෆිනිටි එන්ජීසී, ශ්‍රී ලංකාව.
  13. චයිනා නැෂනල් ඒරෝ ටෙක්නෝ, ශ්‍රී ලංකාව.
  14. කන්සල්ටින් ඉංජිනියර්ස් ඇන්ඩ් කන්ට්‍රැක්ටර්ස්, ශ්‍රී ලංකාව.
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version