Home උණුසුම් පුවත් කැලෑ ගිනිතැබීම් ඉහළට

කැලෑ ගිනිතැබීම් ඉහළට

කැලෑ ගිනිතැබීම් ඉහළට

පවතින වියළි කාලගුණයත් සමග කැළෑ ගිනිතැබීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ පසුගිය මාස කිහිපය තුළ දිවයින පුරා එවැනි සිදුවීම් 25ක් පමණ වාර්තා වී ඇති බවය.

කැළෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග රක්ෂිතවලට ගිනිතැබීම හේතුවෙන් ජල මූලාශ්‍ර සිදීයාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here