Home උණුසුම් පුවත් අස්වැසුම ගැන පණිවුඩයක්

අස්වැසුම ගැන පණිවුඩයක්

අස්වැසුම ගැන පණිවුඩයක්

හඳුනානොගත් වකුගඩු රෝගීන්, වෙනත් හැකියාවන් සහිත පුද්ගලයින් සහ වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් සඳහා වන ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමවේදය හරහා සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආධාර ලබන වෙනත් හැකියාන් සහිත පුද්ගලයින් 410,000ක් සඳහා මාසිකව රුපියල් 7,500 බැගින් දීමනාවක් ද වකුගඩු ආධාර ලබා පුද්ගලයින් 50,000ක් සඳහා රුපියල් 7,500 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතය.

ඊට අමතරව වැඩිහිටි ආධාර ලබන පුද්ගලයින් 820,000ක් සඳහා රුපියල් 3,000 බැගින් දීමනාවක් ද ලබාදීමට නියමිතව තිබේ.

මෙම දීමනා ගෙවීම් මේ වසරේ අප්‍රේල් මස පළමු වන දින සිට 2025 වසරේ මාර්තු 03 වන දින දක්වා සිදුකළ යුතු බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here