Home උණුසුම් පුවත් අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරන්න අමාත්‍යාංශයෙන් ලිපි නෑ

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරන්න අමාත්‍යාංශයෙන් ලිපි නෑ

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරන්න අමාත්‍යාංශයෙන් ලිපි නෑ

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු ය.

එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ ප‍‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

තව ද අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අදාළ ඉල්ලීම් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට නොපැමිණෙන ලෙසට අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here