මෝටර් රථ දෙපාර්තමේන්තුවට සේවා ලබාගැනීමට පැමිණීමේදී දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම අද (04) සිට අනිවාර්ය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කළේ, සියලු දිස්ත්‍රික් කාර්යාල හරහා සේවා ලබාගැනීමේදීත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක බවයි.
ඒ සඳහා විශේෂ අංකයක් ද නිකුත් කර ඇති බව ඔහු පැවසුවේ ය.
මීට අමතරව http://dmt.appointment.gov.lk යන වෙබ් අඩවියෙන් ද එම සේවාවන් ලබාගත හැකි බව ඔහු සඳහන් කළේ ය.