Home උණුසුම් පුවත් වර්ජන කළ සෞඛ්‍ය සේවක ඉල්ලීම් ගැන අදත් සාකච්ඡාවක්

වර්ජන කළ සෞඛ්‍ය සේවක ඉල්ලීම් ගැන අදත් සාකච්ඡාවක්

වර්ජන කළ සෞඛ්‍ය සේවක ඉල්ලීම් ගැන අදත් සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් අතර අද(01) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වෙයි.

දීමනා වැඩිකිරීම ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයින් රජයට ඉදිරිපත් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුව සකස් කළ නිර්දේශ සම්බන්ධයෙන් අද දිනයේ වෘත්තීය සමිති දැනුවත් කිරීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ ය.

රජය වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35,000 ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් පසුගියදා දින කිහිපයක් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයකද නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here