Home උණුසුම් පුවත් බාලගිරි දෝෂයට ලක්වූ විදුලි බිල තීන්දුව

බාලගිරි දෝෂයට ලක්වූ විදුලි බිල තීන්දුව

බාලගිරි දෝෂයට ලක්වූ විදුලි බිල තීන්දුව

මහජන උපයෝගිතා කොමිසමේ විශේෂ රැස්වීමක් අද පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතය.

ඒ, විදුලි බිල අඩු කිරීමේ යෝජනා පිළිබඳව තවදුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, වැඩබලන සාමාන්‍යාධීකාරිවරයා ඇතුළු පිරිසක් මහජන උපයෝගිතා කොමිසම හමුවට කැඳවා තිබේ.

පෙරේදා පැවති සාකච්ඡාවෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයෙන් තවත් තොරතුරු ඉල්ලා සිටියේ ය.

එම තොරතුරු ද අද විදුලිබල මණ්ඩලය විසින් කොමිසමට ලබා දීමට නියමිතයි.

විදුලි බිල අඩුකිරීමේ තීන්දුව අවසන් වරට පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත්කරන බව පවසා තිබුණද තවමත් ඒ පිළිබඳ තීරණයක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here