Home උණුසුම් පුවත් ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ගැන පණිවුඩයක්

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ගැන පණිවුඩයක්

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ගැන පණිවුඩයක්

ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවය.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 4,232කු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here