තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

    ඇමති මනූෂගෙන් කුවේට් අයෝජකයින්ට විශේෂ ආරාධනයක්

    ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙලා ගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයින් හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විශේෂ ආරාධනයක් කළේය.

    ශ්‍රී ලංකා රජය සහ සහ කුවේට් රජය අතර 2009 වසරේදී අත්සන් තැබූ ආයෝජන ප්‍රවර්ධනය සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම මගින් පහසුකම් රැසක් උදාවන බවත් එහි උපරිම ඵලය නෙලා ගැනීමට කුවේට් රාජ්‍යයේ ආයෝජකයින් හට අවස්ථාව පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මෙම ආරාධනය ඉදිරිපත් කර සිටියේ කුවේට් රාජ්‍යයේ ජාතික දිනය සැමරීම වෙනුවෙන් ඊයේ (26) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති විශේෂ උත්සවය අතරතුරදීය.

    එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දෙරට අතර අත්සන් තැබූ මෙම ගිවිසුම ප්‍රතිලාභ උපරිමයෙන් අත්පත් කරගයුතු බවයි.

    ඒ අනුව අදාල ගිවිසුම මගින් අත්වන ඉතා අඩු අගයක පවතින ආයතනික බදු සහ විශේෂ ආර්ථික කලාපවල පිරිනැමෙන ආයෝජන අවස්ථා ඇතුළු විශේෂ මූල්‍ය දිරිගැන්වීම්වලින් ප්‍රයෝජන ගැනීමට කුවේට් අයෝජකයින් හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කරන බවද හෙතෙම පැවසීය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img