Home උණුසුම් පුවත් සන්චුකා ‍නැවෙන් අතුරුදන් ලාංකිකයා සොයන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

සන්චුකා ‍නැවෙන් අතුරුදන් ලාංකිකයා සොයන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

සන්චුකා ‍නැවෙන් අතුරුදන් ලාංකිකයා සොයන්න ජාත්‍යන්තර සහය ඉල්ලයි

ජර්මනියට අයත් MV සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්වූ ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි සතියේ ලැබෙනු ඇතැයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මුලික වර්තාවක් මේ වනවිට ලැබී ඇති බවයි.

මේ අතර, අතුරුදන්වූ එම ශ්‍රී ලාංකික තරුණයා සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබාගන්නා බව ජාතික වෙළෙඳ නාවිකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති පාලිත අතුකෝරාල මහතා පැවසුවේ අදාල තරුණයා සොයා ගැනීම සඳහා අන්තර් ජාතික ප්‍රවාහකයින්ගේ සම්මේලනයෙන් ද සහය ඉල්ලා ඇති බවයි.

ජර්මනියට අයත් එම්.වී. සන්චුකා නෞකාවේ සේවය කරමින් සිටියදී අතුරුදන්ව ඇත්තේ, චිරාත් සඳරූ නැමැති 21 හැවිරිදි තරුණයෙකි.

මිල්ලනිය , උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාල තරුණයා කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

ඔහු එම්.වී. සන්චුකා නෞකාවේ සේවය සඳහා ගොස් ඇත්තේ, පසුගිය මස 2 වැනිදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here