Home උණුසුම් පුවත් රට මුහුණ දෙන තත්වය ගැන මැතිසබේ විවාදයක්

රට මුහුණ දෙන තත්වය ගැන මැතිසබේ විවාදයක්

රට මුහුණ දෙන තත්වය ගැන මැතිසබේ විවාදයක්

වර්තමානයේ රට මුහුණ දී තිබෙන තත්වය පිළිබඳව සභාවේ කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා සඳහන් කළේ එම යෝජනාව විපක්ෂය විසින් ගෙනෙන ලද්දක් බවයි.

මේ අතර පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

නවම් පොහොය දිනයේ යෙදී ඇති හෙයින් ලබන 23 වැනිදා පාර්ලිමේන්තුව රැස් නොවේ.

සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්(සංශෝධන), උකස්(සංශෝධන), කල්බදු මූල්‍යකරණ(සංශෝධන), දේශීය භාර ලදුපත්(සංශෝධන), සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ(සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීම මෙන්ම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2360/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2366/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි 20 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිත බවද කුලරත්න මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here