මේවනවිට රතුමුහුදේ පවතින අර්බුධය හේතුවෙන් මෙරටට ළඟාවන බහාලුම් ප්‍රවාහන නෞකා ප්‍රමාණය 32% කින් පමණ ඉහළ ගොස් ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
ඊට සාපේක්ෂව මෙරටට ලැබෙන ආදායම ද ඉහළ ගොස් ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඉහළ යන ධාරිතාවට සරිලන පරිදි වරාය ප්‍රසාරණය කිරීම සඳහා ඩොලර් මිලියන 580 ක් පමණ වියදමින් පහසුකම් සංවර්ධනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.