Home උණුසුම් පුවත් පුරන් කුඹුරුවලට ආණ්ඩුවෙන් කරන්න යන දේ..

පුරන් කුඹුරුවලට ආණ්ඩුවෙන් කරන්න යන දේ..

පුරන් කුඹුරුවලට ආණ්ඩුවෙන් කරන්න යන දේ..

වගා නොකරන තෙත් කලාපීය පුරන් කුඹුරු වෙනත් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාදීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

වී වගා කිරීමට නොහැකි වීමෙන් තෙත් කලාපයේ කුඹුරු ඉඩම් රැසක් මේ වනවිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මෙවර අයවැය යෝජනාවක් අනුව එම ඉඩම් වෙනත් වගාවන් හා සත්ත්ව පාලනය සඳහා මුදා හරෙනු ඇති.

අමාත්‍යවරයා සඳහන් කළේ ලබන මාසයේ සිට ඒ සඳහා පියවර ගන්නා බවයි.

ඒ අනුව තමන් අයත් ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානයට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් වගාව සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here