Home උණුසුම් පුවත් රජයේ රෝහල් රැසක පරීක්ෂණ යන්ත්‍ර කැඩිලා -රෝගීන් අමාරුවේ

රජයේ රෝහල් රැසක පරීක්ෂණ යන්ත්‍ර කැඩිලා -රෝගීන් අමාරුවේ

රජයේ රෝහල් රැසක පරීක්ෂණ යන්ත්‍ර කැඩිලා -රෝගීන් අමාරුවේ

රෝහල් රැසකම විවිධ පරීක්ෂණ සිදුකරන යන්ත්‍රසුත්‍ර මේ වනවිට බිඳවැටීම හේතුවෙන් දෛනික සේවා කටයුතු අඩාලවී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ මේ හේතුවෙන් රෝගී ජනතාවට පෞද්ගලික රෝහල්වලින් එම පරීක්ෂණ කිරීමට සිදුවීම හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව ඇති බවයි.

පෙට් ස්කෑන් යන්ත්‍ර, සී ටී ස්කෑන් යන්ත්‍ර, දැඩි සත්කාරක ඒකකවල විකිරණ පරීක්ෂණ සිදුකරන ජංගම විකිරණ යන්ත්‍ර ඇතුලු තවත් අත්‍යවශ්‍ය පරීක්ෂණ සිදුකරන යන්ත්‍ර රැසක් අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here