Home දේශීය පුවත් උණුසුම් පුවත් තේ පොහොර සහන මිලට දෙන ගිවිසුමක් අත්සන් කරයි

තේ පොහොර සහන මිලට දෙන ගිවිසුමක් අත්සන් කරයි

තේ පොහොර සහන මිලට දෙන ගිවිසුමක් අත්සන් කරයි

සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා ත්‍රෛපාර්ශවික ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යංශයේදී අද (29) අත්සන් තැබිණි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම්ගතවීම සිදු වූ අතර කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සමඟ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි සභාපතිවරු ගිවිසුමට අත්සන් තැබූහ.

ඒ අනුව රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් තේ වගාව සඳහා නිෂ්පාදනය කරන සුවිශේෂ පොහොර වර්ග පහක මිල ගණන් රුපියල් 2000කින් අඩු කර කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාකරුවන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.

නිල වශයෙන් තේ මණ්ඩලයට සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට තේ පොහොර බාරදීම ද අමාත්‍යවරයා අතින් සිදු විය. එම අවස්ථාවන්ට අමාත්‍යාංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here