තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බ්‍රසීලයේ කඩාවැටුණු වේල්ල ඉදිකළ සමාගම්වලට දැවැන්ත වන්දියක් ගෙවන්න වෙයි

    බ්‍රසීලයේ කඩාවැටුණු වේල්ල ඉදිකළ සමාගම්වලට දැවැන්ත වන්දියක් ගෙවන්න වෙයි

    බ්‍රසීලයේ ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු විසින් පතල් කැණීම් දැවැන්තයින් වන බී.එච්.පී සහා වේල් යන සමාගම්වල හවුල් ව්‍යාපාරයක් වූ සමර්කෝ යපස් සමාගමට 2015 දී සිදුවූ මාරාන්තික වේල්ලක් පුපුරා යාම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 9.67 ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර ඇත.

    බ්‍රසීලයේ ගිනිකොන දෙසින් පිහිටි Fundão වේල්ල කඩා වැටීමෙන් 19 දෙනෙකුට මරු කැඳවමින් දැවැන්ත නායයාමක් ඇති වූ අතර එය රියෝ ඩොස් ගඟ ද දැඩි ලෙස දූෂණයකට ලක් කරනු ලැබීය. මෙම තත්ත්වයත් සමඟ දැඩි පාරිසරික හානියක්ද ඇති විය.

    විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ භෞතික හානියන්ට අමතරව සිදුවීමෙන් පීඩාවට පත්වූවන් මුහුණ දුන් මානසිත අපහසුතා සඳහාද මෙම සමාගම් වගකිවයුතු බවයි.

    ඒ අනුව 2015 වසරේ සිට උද්ධමනය සඳහා ගළපමින් මෙම වන්දි මුදල ගලපන බවත් එම වන්දියෙන් ලැබෙන මුදල් රාජ්‍ය අරමුදලකට යොදවා වේල්ල කඩාවැටීමෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ යථා තත්ත්වයට පත්කිරීමේ ව්‍යාපෘති සඳහා යොදවන බවද විනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.

    මේ වේල්ල කඩාගෙන යාමෙන් 700කට අධික පිරිසකට සිය උන්හිටි තැන් අහිමිවූ අතර එය බ්‍රසීලයේ සිදුවූ දැවැන්තම පාරිසරික අනතුරුවලින් එකකි.

    අනතුර සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ වේල්ල ඉදිකිරීමේ ඇති වූ සහ සැලසුම්වල ඇති වූ දෝෂ අනතුරට හේතුවී ඇති බවයි.

    මේ අතර මෙම සමාගම් විසින්ම ඉදිකළ තවත් වේල්ලක් 2019දී කඩා වැටුණු අතර එමගින් පුද්ගලයින් 270කට ජීවිත අහිමිවිය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img