Home උණුසුම් පුවත් රතු මුහුදේ ප්‍රහාර නිසා කොළඹ වරායේ නොසිතූ තත්ත්වයක්

රතු මුහුදේ ප්‍රහාර නිසා කොළඹ වරායේ නොසිතූ තත්ත්වයක්

රතු මුහුදේ ප්‍රහාර නිසා කොළඹ වරායේ නොසිතූ තත්ත්වයක්

රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස බොහෝ නෞකා යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂ මෙහෙයුම් ලාල් වීරසිංහ පවසයි.

ඒ හේතුවෙන් කොළඹ වරායේ වෙනදාට වඩා දැඩි තදබදයක් නිර්මාණයවී ඇති බව ඔහු පැවසීය.

රතු මුහුදේ මතුව ඇති අර්බුදය හේතුවෙන් වෙනදා සූවස් ඇළ හරහා පැමිණෙන නෞකා මේ වන විට පැමිණෙමින් සිටින්නේ දකුණු අප්‍රිකානු මහද්වීපය හරහායි.

එබැවින් කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් වරායට සංක්‍රමණය වන නෞකාවලට මැදපෙරදිගට, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි.

දකුණු අප්‍රිකාව පසුකර යන නෞකාවලට හමුවන පළමු වරාය වන්නේ කොළඹ වරායයි.

ඒ අනුව මැදපෙරදිග කලාපයට හා ඉන්දියාවට යන නෞකා බහුතරයක් දැන් කොළඹ වරායට පැමිණෙමින් තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂ මෙහෙයුම් ලාල් වීරසිංහ සඳහන් කළේ ප්‍රති-අපනයනය මේ වන විට වැඩිවී ඇති බවයි.

එබැවින් රටට ඩොලර් වැඩි වශයෙන් ලැබෙමින් ඇති බව ද ඔහු කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here