Home උණුසුම් පුවත් වායුවේ ගුණාත්මක බව අද සාමාන්‍ය අතට

වායුවේ ගුණාත්මක බව අද සාමාන්‍ය අතට

වායුවේ ගුණාත්මක බව අද සාමාන්‍ය අතට

ප්‍රදේශ කිහිපයක‍ වාර්තා වූ වායු ගුණාත්මකභාවය පහළ යාම අද (18) දින වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබුණේ, යාපනය, මන්නාරම, කොළඹ හා ගාල්ල ප්‍රදේශවලයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, ඊයේ දිනයේ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 100 ආසන්නයේ පැවතුණ බවත් අනෙකුත් ප්‍රදේශවල දර්ශකය 50 – 100 පැවතුණ බවයි.

පසුගිය සඳුදා කොළඹ දිස්ත්‍රික්කයේ බත්තරමුල්ල හා කොළඹ කොටුව ආශ්‍රිතව දර්ශක අගය 105 අගයක් ගෙන ඇති අතර යාපනය ප්‍රදේශයේ එම අගය 100 ට ආසන්න අගයක පැවතියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here