Home උණුසුම් පුවත් විද්‍යා පීඨවල වගාකරන්න සුසිල් සැරසෙයි

විද්‍යා පීඨවල වගාකරන්න සුසිල් සැරසෙයි

0
විද්‍යා පීඨවල වගාකරන්න සුසිල් සැරසෙයි

විද්‍යාපීඨ සියල්ලේම වගා කටයුතු කළයුතු බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජනයන්ත මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව විද්‍යාපීඨ පරිශ්‍ර 19 තුළ ම ඉඩකඩ පවතින පරිදි එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි වගාවන් සිදු කිරීමට කඩිනමින් පියවර ගත යුතු බවද ඔහු සඳහන් කළේ ය.

. අධික සීතල දේශගුණයක් පවතින රටවල හිම පතනය නොවන මාස හයක කාලය තුළ තට්ටු නිවාස සංකීර්ණවල කොරිඩෝවල පවා බඳුන්ගත වගාවෙහි නිරත වෙමින් ජනතාව නිෂ්පාදන ආර්ථික වර්ධනයට උර දෙන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර යටතේ මෙරට මූලික අවශ්‍යතා ඉටු කරගන්නා පසුබිමක මෙරට රාජ්‍ය හා වෙනත් ආයතන ඇතුළු සමස්ත ජනතාව ම දේශගුණ විපර්යාස වැනි ඉදිරි ආපදා තත්වයන් ජයගැනීම සඳහා විධිමත් පෙරසූදානමකින් සිටිය යුතු බවත් අවධාරණය කළේ ය.

මීට වසර එකහමාරකට පෙර ඉන්ධන හා ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවා ලබා ගැනීමට පෝලිම්වල කාලය ගත කළ යුගය යළි සිහිපත් කරගත යුතු ව ඇතැයි ද හෙතෙම පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here