මුල් පිටුව උණුසුම් පුවත් වැස්සෙන් ආපදා වූ අය බේරගන්න නාවික හමුදා කණ්ඩායම් 61ක්

වැස්සෙන් ආපදා වූ අය බේරගන්න නාවික හමුදා කණ්ඩායම් 61ක්

0

පවත්නා අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට සහන සැලසීම සදහා මේ වනවිට ගලවා ගැනීමේ සහ ආපදා සහන කණ්ඩායම් 61ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ඒ යටතේ දකුණු පාළාතේ ප්‍රදේශ කිහිපයක් සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 04ක් ස්ථානගත කිරීමට අද (23) නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

දකුණු නාවික විධානය මගින් සහන කණ්ඩායම් 04ක් තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ හිනිදුම සහ ඒප්පල ප්‍රදේශයේත්, නාගොඩ ප්‍රාද්ශිය ලේකම් කොට්ඨාශයේ නාගොඩ ප්‍රදේශයේත් ස්ථානගත කර ඇත.

එමෙන්ම ක්ෂණිකව ස්ථාන ගත කිරීම සදහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 08ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සදහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට බටහිර නාවික විධානයෙහි සහන කණ්ඩායම් 26ක් ද, උතුරු මැද නාවික විධානයෙහි සහන කණ්ඩායම් 05ක් ද සහ වයඹ නාවික විධානයේ සහන කණ්ඩායම් 18ක් ද මේ වන විට සූදානමින් තබා ඇත

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version