Home උණුසුම් පුවත් මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය වසා දැමේ

මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය වසා දැමේ

0
මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය වසා දැමේ

මඩකලපුව-පොලොන්නරුව ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන් වසාදමා තිබේ.

අද (2023.12.29) දින දහවල් 10.00ට පමණ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීම නිසා මෙම පියවර ගෙන ඇත.

වැලිකන්ද, දිඹුලාගල, මඩකලපුව දක්වා ගමන් කරන මගීන්ට ගමන් පහසුව සලසා ගැනීම සදහා කදුරුවෙල දුම්රිය ස්ථානයේ සිට මනම්පිටිය දෙසට විශේෂ දුම්රිය සේවාවක් පෙ.ව.10.30 සිට ක්‍රියාත්මක වන බව කදුරුවෙල දුම්රිය ස්ථානාධිපති පැවසීය.

තවද මඩකලපුව දෙසට ගමන් කරන වාහන සදහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ ,ඇලහැර,බකමූණ,දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කල හැකි බව පොලොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here