තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොවිඩ් JN-1 ලොකු අවදානමක් නෑ.. ඒත් ප්‍රවේශම්වන්න!!!

    කොවිඩ් JN-1 ලොකු අවදානමක් නෑ.. ඒත් ප්‍රවේශම්වන්න!!!

    මෙරට තුළ කොවිඩ් JN-1 සම්බන්ධයෙන් දැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

    සෞඛ්‍ය අමත්‍යාංශයේ අද (27) පැවැති මධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

    ඕනෑම ස්වසන රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳීම, නිතර අත්සේදීම, දෙදෙනෙකු අතර ඇති පරතය වැඩිකර තබාගැනීම වැදගත් බව හෙතම සඳහන් කළේය.

    මේ අතර පසුගිය කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇත.

    කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, නුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ වන දිස්ක්‍රික්කවලින් එසේ සරම්ප රෝගීන් වාර්තා වූ බව මහීපාල මහතා පැවසීය.

    සරම්ප රෝගය වැළක්වීම සඳහා විශේෂ වැඩසටහනක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව මෙරට ක්‍රියාත්මක ය.

    ඒ අනුව, එම වැඩසටහන 2024 ජනවාරි 06 වනදා උදෑසන 09 සිට සවස 04 දක්වා ළඟම ඇති වෛද්‍ය සායනයක් මගින් මාස 6 – 9 අතර ලදරුවන්ට සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img