තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හෙළ සිනමාවේ කඩවසම් දුෂ්ටයා දිවි සැරියට සමුදෙයි

    හෙළ සිනමාවේ කඩවසම් දුෂ්ටයා දිවි සැරියට සමුදෙයි

    සිංහල සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අද (24) අභහවප්ප්‍රාප්ත විය.

    හෙතෙම අභහවප්ප්‍රාප්ත වන විට 85 වැනි වියේ පසුවිය.

    රෙක්ස් කොඩිප්පිලි මහතා වඩාත් ජනප්‍රියව ඇත්තේ සිංහල සිනමාවේ දුෂ්ට චරිත රඟදක්වමිනි.

    කතුරු මුවාත් චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට එක්වූ රෙක්ස් කොඩිප්පිලි මහතා ලොකුම හිනාව, මරුවා සමඟ වාසේ, සිහසුන, දියමන්ති, මුවන් පැලැස්ස, රක්තා, චන්දිරා, බයිසිකලේ, කොටි වලිගය, ක්‍රිස්තු චරිතය, අහිමි දඩමං, වන්ශොට් වන්, ඩොක්ටර් නවරියන් ඇතුළු චිත්‍රපට 150ට ආසන්න ප්‍රමාණයකට රංඟනයෙන් දායක විය.

    ‘බයිසිකලය’ චිත්‍රපටය නිෂ්පාදනය කළ ඔහු ‘රන්කහවණු’ ටෙලිනාට්‍යයේ රඟපාමින් ටෙලිනාට්‍ය රංගනයට එක්විය.

    අභවප්ප්‍රාප්ත රෙක්ස් කොඩිප්පිලි මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img