පසුගිය දා පැවති රාජ්‍ය නාට්‍ය උළලේදී නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන වෙත නාට්‍යකීර්ති සම්මානය ලබානොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.
අදාළ වාර්තාව බදාදා දින තමන් වෙත ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
50 වන රාජ්‍ය නාට්‍ය උලෙළ පසුගිය 19 වනදා මහරගම තරුණ සේවා සභා රගහලේදී පැවැත්වුණි.
එය සංවිධාන කරන ලද්දේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්වයි.
නාට්‍ය කලාවේ අභිවෘද්ධිය උදෙසා දක්වන ලද අමිල මෙහෙවර වෙනුවෙන් ජීවිතේ එක්වරක් පමණක් පිරිනමන නාට්‍යකීර්ති සම්මානය තමන්ට පිරිනැමීමට තීරණය කර ඇති බව නීතිඥ ඩග්ලස් සිරිවර්ධන වෙත දැනුම් දී තිබුණි.
පසුගිය නොවැම්බර් 27 වනදා එම ලිපිය නිකුත් කර තිබුණේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.
කෙසේවෙතත් සිංහල සහ දෙමළ අංශයන් සදහා නාට්‍යකීර්ති සම්මානයක් ප්‍රදානය කිරීමේදී එක් අංශයක් සදහා එක් සම්මානයක් ප්‍රදානය කිරීම වඩාත් සුදුසු බවට ප්‍රතිපත්ති තීරණයකට එළැඹි ඇති බව දෙසැම්බර් 11 වනදා ලිපියකින් නීතිඥ ඩග්ලස් සිරිවර්ධන වෙත යළි දැනුම් දී තිබේ.
ඒ අනුව 2023 වර්ෂයේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී අපේක්‍ෂිත නාට්‍යකීර්ති සම්මානය ඉදිරි වර්ෂයක ලබාදීමට කටයුතු සලසන බවද සංස්කෘතික දෙපාර්තමේන්තුව නීතිඥ ඩග්ලස් සිරිවර්ධන වෙත යැවූ ලිපියේ සදහන් ය.