Home උණුසුම් පුවත් වෙනස්කම් රැසක් සමඟින් එජාපය වැඩ පටන්ගන්න ලෑස්තියි

වෙනස්කම් රැසක් සමඟින් එජාපය වැඩ පටන්ගන්න ලෑස්තියි

වෙනස්කම් රැසක් සමඟින් එජාපය වැඩ පටන්ගන්න ලෑස්තියි

ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන අතර එහිදී සෙසු නිලතල රැසක් අහිමි වනු ඇත.

රුවන් විජේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු, නවීන් දිසානායක සහ වජිර අබේවර්ධන යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත්කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස මැතිවරණ සඳහා ඉදිරිපත් නොකරන පූර්ණ කාලීනව පක්ෂ කටයුතුවල නිරත විය හැකි පුද්ගලයෙකු පත්කිරීමට නියමිතය.

එලෙස පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සතියේදී ගැනීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here