Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපති සහ දෙමළ පක්ෂ අතර ලබන සතියේ විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ දෙමළ පක්ෂ අතර ලබන සතියේ විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ දෙමළ පක්ෂ අතර ලබන සතියේ විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුර –නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ පක්ෂවල නියෝජිතයන් අතර සාකච්ඡාවක් එළඹෙන බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිස් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එම සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා පවසයි.

එමෙන්ම පසුගියදා දිවයිනට පැමිණි ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් පිරිසක් සහ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉදිරිපත් කළ හිමාලයා ප්‍රකාශනය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ජනවාරි මස 21 වනදා තෝරා ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බවද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here