තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගජමෑන් ඇතුළු ජනප්‍රිය කාටුන් චරිත රැසක් බිහිකළ කැමිලස් දිවියට සමුදෙයි

    ගජමෑන් ඇතුළු ජනප්‍රිය කාටුන් චරිත රැසක් බිහිකළ කැමිලස් දිවියට සමුදෙයි

    ප්‍රවීන කාටුන් ශිල්පීයකු වූ කලා කීර්ති කැමිලස් පෙරේරා මහතා අද (17) අභාවප්‍රාප්ත විය.

    1939 දෙසැම්බර් 01 වන දින උපන් කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරා මියයන විට 84 වන වියේ පසුවිය.

    1969 වසරේ දී කොන්සිලියා ප්‍රනාන්දු සමගින් විවාහ වූ ඔවුනට මයුරි පෙරේරා සහ ගයාන් පෙරේරා නමින් දූ පුතුන් යුවලක් විය.

    1964 වර්ෂයේදී සරසවිය පුවත්පතින් කාටූන් ජීවිතය පටන් ගත් ඔහු විවිධ පුවත්පත් රැසකට , “තෙපානිස් ” , “දොං සේතං”, “සිමෝනා ” “සිරිබිරිස්” , “දැක්කොත් පත්මාවතී”, “සෙල්ලං සේන”, ඇතුළු කාටූන් රැසක් නිර්මාණය කල ඔහු ,1975 වසරේදී චින්තන ජයසේන හා එක්ව ” සිත්තර ” පුවත්පත එළිදැක්වීය .

    ඉන් කලකට පසුව 1986 වසරේදී කැමිලස් පබ්ලිකේෂන් නමින් ඔහුගේම ව්‍යාපාරයක් ඇරඹීය . ඒ තුලින් , ගජමෑන් සමඟ සත්සිරි , සිව්දෙස , සම්මාන , ඩිංකි , පුංචි බටිති , රුසියා , ජගතා , හපනා , ශිෂ්‍යත්ව නමින් පත්තර රැසක්ම වෙළඳ පොළට එක් කිරීමට ඔහු සමත් විය.

    මෙරට ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය වන ගජමෑන් සිනමාපටය බිහිවූයේ ද කැමිලස් පෙරේරා මහතාගේ ගජමෑන් ඇතුළු අනෙකුත්  කාටූන් චරිත ඇසුරිනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img