මෙරට ප්‍රථම තැඹිලි වගා ආදර්ශ ගම්මානය සංවර්ධනය මුරුතවෙල ඉහළ ප්‍රදේශයේ ඊයේ ආරම්භ කර තිබේ.
අපනයනය ඉලක්ක කර ගනිමින් මෙම තැඹිලි ගම්මානය ආරම්භ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
මෙරට තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බව අමාත්‍යංශය පැවසීය.
මාසයකට තැඹිලි කන්ටේනර් 200ක් මේ වනවිටත් එරටට අපනයනය කෙරෙමින් පවතින බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ ය.