මෙම වසර තුළදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක මුදලක් ලබාදීමට සමත්වී තිබේ.
ඒ අනුව රුපියල් බිලියන 4ක මුදලක් කම්කරු හා විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් අද දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇත.
මෙම මුදලට අමතරව මෙම වසර මුලදී තවත් රුපියල් බිලියන 3ක මුදලක් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබුණි.
මෙම මුදල් රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ලබාදී ඇත.
රුපියල් බිලියන 3 මුදල ලබා දෙන අවස්ථාවේදී මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහාද රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබිණි.
මීට පෙර අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී ඇතත්, එක් වර්ෂයක් තුළදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.
මේ අතර ගතවූ මාස 18 ක කාලය තුල විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් ලබා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුනි.