Home උණුසුම් පුවත් අවුකන බුදුපිළිමයේ සිවුරු පෙරවීම දොස්තරවරයකුගේ පූජාවක්

අවුකන බුදුපිළිමයේ සිවුරු පෙරවීම දොස්තරවරයකුගේ පූජාවක්

අවුකන බුදුපිළිමයේ සිවුරු පෙරවීම දොස්තරවරයකුගේ පූජාවක්

අවුකන බුද්ධ ප්‍රතිමාවට චීවරයක් පෙරවීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවුකන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමියන්ට එරෙහිව පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් නිශාන්ති ජයසිංහ පැවසුවේ අවුකන බුද්ධ ප්‍රතිමාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින පුරාවිද්‍යා ස්මාරකයක් බැවින් එම ස්ථානයේ කුමන හෝ කටයුත්තක් සිදුවන්නේ නම් ඊට සිය දෙපාර්තුමේන්තුවේ අවසරය ගතයුතු බවයි.

එලෙස අවසරයක් ගෙන නොතිබිම හේතුවෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවුකන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිට එරෙහිව පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනුකළ බව වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් නිශාන්ති ජයසිංහ පැවසීය.

කෙසේවෙතත් චීවරයක් පෙරවීමෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට කිසිදු හානියක් සිදුනොවූ බව අවුකන රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මඛිත්ති හිමියෝ පවසති.

මෙරට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ඉල්ලීමක් මත එම පවුලේ සාමාජිකයින් විසින් පඬු පොවා විශේෂයෙන් සැකසු කඨින චීවරයක් එලෙස අවුකන බුද්ධ ප්‍රතිමාවට පෙරවූ බව උන්වහන්සේ කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here