උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.
මේ අතර සත 25 බද්දට ආනයනය කළ සීනි තොග රුපියල් 275ක උපරිම සිල්ලර මිල යටතේ සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා පාරිභෝගික ජනතාව වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද ශාන්ත නිරිඇල්ල මහතා සඳහන් කළේය.