තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දින 15යි: කඩාවැටුණු ඉන්දීය උමගේ පිරිස තාම හිරවෙලා

    දින 15යි: කඩාවැටුණු ඉන්දීය උමගේ පිරිස තාම හිරවෙලා

    ඉන්දියාවේ උත්තරකන්ද් හී කඩා වැටුණු උමගේ සිරවී සිටින පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් 15වන දිනටත් ක්‍රියාත්මකය.

    මෙම උමගේ සිරවී සිටින පිරිස මුදා ගැනීම සඳහා ඔවුන්වෙත ලඟා වීමට කැනීම් කරනු ලබන උපකරණ උමඟ ඇතුලදී බිදීයාමකට ලක්ව ඇති බවට වාර්තාවේ.

    ඒ අනුව මුදා ගැනීමේ මෙහෙයුම් තවත් දින පහක පමණ කාලයක් දක්වා ප්‍රමාද වීමට ඉඩ පවතින බවදට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ මුදා ගැනීම් කටයුතු සඳහා කැනීම් කළ උමඟ තුල සිරවූ උපකරණ කොටස් පිටත ගැනීමටද විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවට වාර්තාවේ.

    මෙලෙස අදාල කොටස් පිටතට ගැනීමෙන් අනතුරුව මිනිසුන් යොදාගෙන කැනීම් කටයුතු කිරීමට අපෙක්ෂිත බවද ඉන්දීය බලධාරීන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත. මේ අතර එම කැනීම් කරනු ලබන ප්‍රදේශ තුල පාෂාණ බහලු වීම දැඩි අභියෝගයක් වී ඇති බවටද සඳහන්ය.

    මෙලෙස උමගේ සිරවී සිටිනේ අදාල ප්‍රදේශ හරහා ඉදි කිරීම් කළ උමඟක සේවය කළ පිරිසකි. මෙම පිරිස මුදා ගැනීම් කටයුතු දිගින් දිමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් දැඩි විරෝධය පළකර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජයට සිය දැඩි අප්‍රසාදය පළකර ඇත.

    කෙසේවෙතත් සිරවී සිටින පිරිසට අවශ්‍ය ආහාර ජලය සහ ඔක්සිජන් ලබාදීමට කුඩා උමඟක් තුලින් මේවන විටත් කටයුතු කරන අතර ඔවුන් සමඟ සම්බන්ධ වීමටද ඒ ඔස්සේ මුදා ගැනීම් හී නිරත පිරිස කටයුතු කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img