Home උණුසුම් පුවත් මත්රකුසන් මඬින්න අලුත් වැඩක්

මත්රකුසන් මඬින්න අලුත් වැඩක්

මත්රකුසන් මඬින්න අලුත් වැඩක්

ප්‍රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට පියවර ගෙන ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව පවතින බව එහි සභාපති ශාඛ්‍ය නානායක්කාර මහතා සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී ඇති පුද්ගලයින් සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රජාපාදක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බවද ශාඛ්‍ය නානායක්කාර මහතා පැවසීය.

මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් සැරිසරන ප්‍රදේශ අධීක්ෂණ කිරීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here