Home උණුසුම් පුවත් ලාබ ලැබූ මිල්කෝ දැන් පාඩුයි

ලාබ ලැබූ මිල්කෝ දැන් පාඩුයි

ලාබ ලැබූ මිල්කෝ දැන් පාඩුයි

මිල්කෝ සමාගම පාඩු ලබන බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමිත් අත්තනායක මහතා සඳහන් කළේ 2019, 2020 සහ 2021 වසරවල ලාභ ලැබූ එම ආයතනය මේ වනවිට ණය මත ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වී ඇති බවය.

මිල්කෝ සමාගම පාඩු ලබන තත්ත්වයට පත්වීමට එහි වත්මන් සභාපති රේණුක පෙරේරා මහතාගේ ක්‍රියාකලාපය හේතුවී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා මහතා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here