Home උණුසුම් පුවත් ක්‍රිකට් වට්ටන කුමන්ත්‍රණවල රහස් දැනගන්න ප්‍රමෝදයව කැඳවයි

ක්‍රිකට් වට්ටන කුමන්ත්‍රණවල රහස් දැනගන්න ප්‍රමෝදයව කැඳවයි

ක්‍රිකට් වට්ටන කුමන්ත්‍රණවල රහස් දැනගන්න ප්‍රමෝදයව කැඳවයි

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නොවැම්බර් 22 වනදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ.

ඒ පසුගියදා තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පසුගිය 13වනදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ ආන්දෝලනාත්මක කරුණු රැසක් ඇතුළත් වුණි.

තරග පවාදීමේ සූදුවේ නිරත පිරිස් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැට්ටවීමට උත්සාහ දැරූ බව සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයන් ගෙනයාමට ඇතැම් පිරිස් විශාල ලෙස මුදල් ආයෝජනය කළ බව එහි සඳහන් විය.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව තරග පාවාදීම, දූෂණය, නීතිවිරෝධී මෙහෙයවීම සහ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීම සම්බන්ධ කාරණා පිළිබඳ ඔහු දන්නා බවට කරන ලද ප්‍රකාශය බරපතළ එකක් වන ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත දැනුම්දී තිබුණේ ඒ අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here