ඉන්දියාවේ උත්තරකන්ද් ප්‍රදේශයේ කැනීම් කරමින් තිබූ උමඟක් කාඩා වැටීමෙන් සිරවී සිටින සේවකියින් මුදා ගැනීමේ මෙහෙයුම් තුන්වන දිනයටත් අඛණ්ඩව ක්‍රියාත්මකය.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උමඟේ කොටසක් කඩා වැටීමත් සමඟ මෙම සේවකයින් පිරිස සිරවී සිටින අතර ඔවුන්ව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ඉන්දියාවේ ජාතික ආපදා ප්‍රතිචාර බලකායේ 150ක පමණ පිරිසක් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ.
සිරවී සිටින පිරිස සමඟ සම්බන්ධ වීමට මුදා ගැනීම කණ්ඩායම් වලට හැකියාව ලැබී අතර ඔවුන්ට අවශ්‍ය ඔක්සිජන් සහ ආහාර ලබා දීමටද සමත්ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මිලි මීටර් 900ක විශ්කම්භයක් ඇති ලෝහ නලයක් උමඟ තුලට යොමු කර ඒ ඔස්සේ සිරවී සිටින පිරිස මුදා ගැනීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා අවශ්‍ය කරනු ලබන නල මේවන විටත් මුදා ගැනීමේ කණ්ඩායම් වෙතට ලැබී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.