ඉන්දියාවේ නව දිල්ලි නුවර තුල පවතින දැඩි වායු දූෂණයට පිළියමක් වශයෙන් කෘතිම වැසි ඇති කිරීමට ඉන්දීය රජය බලාපොරොත්තු වන එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දීය විද්‍යාඥයින් විසින් එළැඹෙන නොවැම්බර් 20 වැනිදා පමණ වන විට නව දිල්ලිය අවට ප්‍රදේශ ඉලක්ක කරගනිමින් කෘතිම වැසි ඇති කිරීමට අපෙක්ෂා කරයි. එම කාලය වන විට ප්‍රමාණවත් තරම් වලාකුළු සහ තෙතමනය සහිත තත්ත්යක් ඇතිවනු ඇති බවට අපෙක්ෂා කරන බව ඉන්දියානු තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයෙකු වන මනින්ද්‍ර අග්‍රවාල් පැවසීය.
මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා වර්ග කිලෝමීටර් සියයක ප්‍රදේශක අයඩීන් ඇතුලත් ලවණ මිශ්‍රණයක් වලාකුළු වලට ඉසීමට ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ විසි දහසක පමණ මුදලක් වැයවනු ඇත බවද අග්‍රාවාල් ප්‍රකාශ කළේය.
“මුළු දිල්ලියම ආවරණය වන තරම් විශාල වලාකුළක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කිලෝමීටර සියයක පමණ ප්‍රදේශක් ආවරණය වන වලාකුළක් මේ කටයුත්තට ප්‍රමාණවත් වෙයි,” යනුවෙන් ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.
නවදිල්ලි නුවර ලොව ඉහළම වායු දූෂණයක් පවතින නගරය වන අතර එම නගරයේ පමණක් සමස්ථ ශ්‍රී ලංකාවේ ජනගහනයට සමාන පිරිසක් වාසය කරයි.
සෑම වසරකම සීත සමය ආසන්න වන විට නව දිල්ලියේ වායු දූෂණ මට්ටම ඉහළ යන අතර එය දැඩි මීදුම් තත්ත්වයක් දක්වාද වර්ධනය වෙයි. මෙවරද එම තත්ත්වයම පවතින අතර ඒ හේතුවෙන් පාසල් වලට නිවාඩු ලබා දීමටද රථ වාහන ගමනා ගමනයට සීමා පැනවීමටද නව දිල්ලි බලධාරීන් පියවර ගෙන ඇත.