Home උණුසුම් පුවත් “ඇමතිකම තියෙන කම් මම වැඩ කරනවා”

“ඇමතිකම තියෙන කම් මම වැඩ කරනවා”

“ඇමතිකම තියෙන කම් මම වැඩ කරනවා”

ඇමතිකම තිබෙන කල් තමන් රට වෙනුවෙන් වැඩ කරන බවත් ඇමතිකම රැක ගැනීමේ අරමුණින් හැංගිලා වැඩ නොකරන බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ අතුරු පාලක කමිටුවක් දැමීමේ දී ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන බවය.

අමාත්‍යවරයා මෙසේද කීය.

“මට තියෙන බලතල ප්‍රකාරව තමා තීන්දුව ගත්තේ. කැබිනට් මණ්ඩලයේ දී වුණේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්න මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී සියලුම ක්‍රීඩකයින් ගෙනල්ලා අදහස් ගන්න කමිටුවක් පත්කළා අලී සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මාව අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ තීන්දුවක්. මම ඇමතිකම තියෙන කල් වැඩේ කරනවා. ක්‍රිකට් සභාපතිකම අර්ජුනට දෙන්න සාධක තියෙනවා. එතුමා ලෝක කුසලානය ගෙනල්ලා තියෙනවා. එතුමා යද්දි දෙවැනි පෙළක් හදලා ගියා. අද දෙවැනි පෙළක් නෑ. මේ රටේ පාර්ලිමේන්තුවට එතුමා පත්වෙලා ඉන්න කොට කවදාවත් ක්‍රීඩා ඇමතිකම දුන්නේ නෑ. මම කිව්වා මට වඩා දශමයක් හරි ක්‍රීඩා ඇමතිකමට හොඳ පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ අර්ජුන කියලා. අර්ජුනව මොන පක්ෂයෙන් හරි ගන්නවා නම් ජාතික ලැයිස්තුවෙන් හරි මම ඇමතිකම දෙන්න සුදානම්. එහෙම සුදානම් තියෙන මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලංකාවට ගෞරවයක් ගෙනාපු මිනිහා සභාපති කරන්නේ වෙන කාවද කරන්නේ. ඒ තීන්දුව මම ගත්තා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here