Home උණුසුම් පුවත් ගෑස් මිල ගැන ලාෆ්ස් ගත් තීරණය

ගෑස් මිල ගැන ලාෆ්ස් ගත් තීරණය

ගෑස් මිල ගැන ලාෆ්ස් ගත් තීරණය

තම සමාගම ගෑස් මිල ගණන් ඉහළ නොදැමීමට තීරණය කළ බව ලාෆ්ස් එම ආයතනය පවසයි.

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවත් ලාෆ්ස් ගෑස් සමාගම මේ මාසයේ දීත් පවතින මිල ගණන් යටතේ ගෑස් අලෙවි කිරීමට තීරණය කළ බව එම ආයතනයේ සමූහ විධායක නිලධාරී, ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා සඳහන් කළේ ය.

ඒ අනුව මෙම මස තුළ ගෑස් මිල වැඩි වීමක් සිදුනොවන අතර පෙර පැවති මිලටම ලාෆ්ස් ගෑස් මිල දී ගැනීමේ හැකියාව පවතී.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,985ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,595කට පාරිභෝගිකයන්ට ලබාගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here