සීගිරියේ සංරක්ෂණය කළ බැමි මත සංචාරකයින් ඇවිද යාම හේතුවෙන් ඉන් 70% ක් පමණ විනාශ වන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
සංරක්ෂණය කළ බැමි මත ඇවිද නොයන ලෙස උපදෙස් හා සංකේත මගින් ඔවුන් දැනුවත් කර ඇති නමුත් බොහෝ සංචාරකයින් ඒ පිළිබඳ තැකීමක් නොකිරීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන ගණනක් එම ගඩොල් බැමි නැවත සංරක්ෂණය කිරීමට වැයවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා සඳහන් කළේය.
ප්ලාස්ටික් බෝතල් ඉවත දැමීම හේතුවෙන්ද ලෝක උරුම සීගිරිය ආශ්‍රිත පරිසර පද්ධතිය දැඩි බලපෑමට ලක්ව ඇත.
මෙම තත්ත්වය වැඩිවශයෙන්ම දැකිය හැක්කේ සීගිරි පර්වත මස්තකයේ පැරිණ ඉදිකිරීම් හා මාලක උද්‍යානය ආශ්‍රිතවයි.
මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ, පෞරාණික ගඩොල් ස්ථරය ආරක්ෂා කිරීම සඳහා මෙම සංරක්ෂිත ගඩොල් බැමි ඉදි කර ඇති බවයි.
ඒ සඳහා විශේෂයෙන් නිර්මාණය කළ ගඩොල් විශේෂයක් යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේ ය.
කෙසේ වෙතත් දේශීය සංචාරකයින් බහුතරය එම ගඩොල් බැමිවල ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ඒ මතින් ගමන් කිරිම කනගාටුවට කරුණකි.
ඔහු පෙන්වා දෙන්නේ අක්කර 12000 ක් පුරා විසිරී ඇති සීගිරිය රක්ෂිතය තුළත් පර්වත පාමුලත් සංචාරකයින් විසින් ඉවත දමා ඇති ප්ලාස්ටික් බෝතල් ලක්ෂ ගණනක් විසිරී ඇති බවයි.
මෙය ලෝක උරුම සීගිරියේ තිර පැවැත්මට බලවත් තර්ජනයකි.
එසේම සීගිරිය පරිසර පද්ධතයට ද මින් තර්ජනයක් එල්ල වී ඇති බව මාහාචාර්ය ගාමිණි රණසිංහ මහතා පෙන්වා දෙයි.
ඔහු සංචාරයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම අනගි ලෝක උරුමය ආරක්ෂා කිරීමට සාංචාරකයින් කැපවිය යුතු බවයි.
ප්ලාස්ටික් බෝතල් බැහැර කිරීම සඳහා ඉදිකර ඇති ස්ථානවලට ඒවා බැහැර කරන ලෙසද මධ්‍යම සංස්කෘතික අරමුදල ජනතාවගෙන් ඉල්ලා සිටී.
ක්‍රිස්තු වර්ෂ 477 ත් 495 රජකම් කළ මහා කාෂ්‍යප රජු විසින් ඉදිකළ සීගිරිය සැලකෙන්නේ ලොව විශිෂ්ටතම බලකොටුවක් හා ජල උද්‍යානයක් ලෙසයි.