Home උණුසුම් පුවත් කොළඹට පැය 10ක් වතුර කැපෙයි

කොළඹට පැය 10ක් වතුර කැපෙයි

කොළඹට පැය 10ක් වතුර කැපෙයි

හෙට (04) පස්වරුවේ සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට පස්වරු 7 සිට පසුදින (05 ඉරිදා) පෙරවරු 5.00 දක්වා ජල කප්පාදුව සිදුවේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරයි.

අවශ්‍යතා පරිදි ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here