Home උණුසුම් පුවත් බස් ගාස්තු ගැන ගත් තීන්දුව

බස් ගාස්තු ගැන ගත් තීන්දුව

බස් ගාස්තු ගැන ගත් තීන්දුව

ඩීසල් මිල ඉහළ දැමුවද බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොමැති බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීම බස් හිමියන්ට දරාගත නොහැකි තත්ත්වයක් වුවත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට උනන්දු නොවන බව එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.

නැවත වතාවක් ඩීසල් මිල ඉහළ දැමුවහොත් ඉතා ඉහළ අගයක බස් ගාස්තු සංශෝධනයක් කිරීමට සිදුවන බවද ඔහු පැවසී ය.

“ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීම බස් හිමයාට දරාගත නොහැකි තත්ත්වයක්. නමුත් මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දැමීමට අපි කිසිසේත් උනන්දු වන්නේ නැහැ. අපි විශ්වාස කරනවා මගී ජනතාව සහ බස් රථඛ හිමියන් , සේවකයින් දැන් කළ යුත්තේ රජයට බලපෑම් කළ යුතුයි. නැවත වතාවක් ඩීසල් වැඩි කරන්න එපා. එහෙම වැඩි කළොත් බස් රථ හිමියාට සිද්ධ වෙනවා ඉතා ඉහළ අගයකින් බස් ගාස්තු සංශෝධනයක් කරා යන්න” යැයිද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here