තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොවක් හිනැස්සූ 'Friends' කතාමාලාවේ චැන්ඩ්ලර් බින්ග් මියයයි

    ලොවක් හිනැස්සූ ‘Friends’ කතාමාලාවේ චැන්ඩ්ලර් බින්ග් මියයයි

    ලොව පුරා රසික හදවත් දිනා ගැනීමට සමත් ෆ්‍රෙන්ඩ්ස් රූපවාහිනී කතා මාලාවේ චැන්ඩ්ලර් බින්ග් චරිතට පනපෙවූ මැති පෙරී අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට 54 හැවරිදි වියේ පසු වූ ඔහුගේ දේහය සිය නිවසේ සොයා ගැනීමට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ආරක්ෂක අංශ සමත්ව ඇත. මරණය සම්බන්ධනේ ලොස් ඇන්ජලීස් පොලිසිය විසින් මේවන විටත් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

    පෙරී 1994 සිට 2004 දක්වා ඇමරිකාව ඇතුළු ලොව පුරා විකාශය වූ ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් ලෙස රංගනයෙක් දායක විය. එහිදී ඔහු රඟපෑ නිරන්තරයෙන් මදක් කිපෙන සහ සිය ආවේගය ඉතා නිර්මාණශීලිව උපහාසාත්මකව පිට කිරීමට කටයුතු කරනු ලබන්නෙකු ලෙසයි.

    ඒ අනුව ලොව පුරාම උපහාසාත්මකව සිය අවේගය පිට කිරීමේදි ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ චැන්ඩ්ලර් සකේතයක් ලෙස අදටත් යොදා ගැනීම කරයි. මේ අතර ෆ්‍රේනඩස් කතා මාලවේ අවසාන කොටස ඇමරිකා එක්සත් ජනපදය තුල පමණක් කෝටි පහකට අධික පිරිසක් නැරඹූ අතර එය 2000 දශකයේ ඇමරිකා එක්සත් ජනපදය තුල වැඩිම පරිසක් නැරඹූ රූපවාහිනී කථාංග කොටස බවටද පත්විය.

    රූපවාහිනී වැඩසටහන අවසන්වීමත් සමඟ මත්පැන් වලට සහ වේදනානාශක බොහෙත් වලට ඇබ්බැහි වූ පෙරී අවස්ථා කීපයකදීම පුනරුත්තාපන වීමටද උත්සහ දැරුවද එම උත්සහයන් සිල්ලම ව්‍යාර්ථ විය.

    මේ අතර එක් අවස්ථාවකදී ඔහු පවසා සිටියේ ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ රූගත කිරීම් තමන්ගේ මතකයේ නොමැති බවත්ය.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img