Home දේශීය පුවත් උණුසුම් පුවත් පිංකැට සීල් තැබීමෙන් වූ අතුරු විනාශයක් ගැන ජනපතිට පැමිණිල්ලක්

පිංකැට සීල් තැබීමෙන් වූ අතුරු විනාශයක් ගැන ජනපතිට පැමිණිල්ලක්

පිංකැට සීල් තැබීමෙන් වූ අතුරු විනාශයක් ගැන ජනපතිට පැමිණිල්ලක්

සටහන – ජනක හෙට්ටිආරච්චි

කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාසේකර නාහිමියෝ

පසුගිය දිනවල මුදල් වංචා චෝදනා නිසා විගණකාධිපතිවරයා විසින් පින්කැට මුද්‍රා තැබු පත්තිනි දේවාලය පිහිටි නවගමුව සුගතබිම්බාරාම පුරාණ විහාර භූමියේ ඇති ලෝක පුජිත පඬිරුවනක වු කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥශේඛර මහනායක හිමියන්ගේ ස්මාරකය ඉබේම ගරාවැටිමට ඉඩ හැර ඇතැයි නවගමුවේ සුරැකීමේ සංවිධානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබේ.

එම ස්මාරකය කිසිදු පිළිසකරයක් නොකර තැබීමෙන් පෙනියන්නේ ⁣එය එම ස්ථානයෙන් ඉවත්කර දැමිමේ කුමන්ත්‍රණයක් දියත් කිරිම බවද එම සංවිධානය ජනාධිපතිවරයාට යැවු ලිපියක සදහන් වේ.

ගරාවැටෙමින් ඇති ස්මාරකය

මීට පෙරද මෙම වටිනා ස්මාරකය කඩාදැමිමට උත්සහ කිරිමෙිදි ප්‍රදේශවාසින්ගේ විරෝධය නිසා එය වැළකි තිබිණ.

මීට පෙර නවගමුවේ විහාරස්ථානයේ පිහිටි දේවාලවල සිදුවන මහ පරිමාණයේ මුදල් වංචාවන් ගැන නවගමුවේ සුරැකිමේ සංවිධානය කළ පැමිණිල්ලකට අනුව විගණකාධිපතිවරයාගේ උපදෙස් අනුව සියලු පිංකැටවලට මුද්‍රා තැබිණ.

ස්මාරකය විනාශවිමට ඉඩහැරිම සම්බන්ධයෙන් නවගමුව සුරැකීමේ සංවිධානයේ සභාපති චන්ද්‍රසේන පලිහේන හා ලේකම් ජයන්ත ජයලාල් යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here