Home උණුසුම් පුවත් ඩෙංගු වැළඳීමෙන් 39ක් ජීවිතක්ෂයට

ඩෙංගු වැළඳීමෙන් 39ක් ජීවිතක්ෂයට

ඩෙංගු වැළඳීමෙන් 39ක් ජීවිතක්ෂයට

මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගින් 66,500 ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් 39 ක් මරණයට පත්ව ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේය.

එමෙන්ම වර්ෂා තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කළේ මහනුවර මහනගර සභා බල ප්‍රදේශය, ගඟ වට කෝරලයේ ප්‍රදේශය, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්නගල්ල යන ප්‍රදේශවල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here