Home උණුසුම් පුවත් කොළඹින් ඩෙංගු රතු එළියක්

කොළඹින් ඩෙංගු රතු එළියක්

කොළඹින් ඩෙංගු රතු එළියක්

මේ වනවිට කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ, නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇති බවයි.

මීට සති තුනකට පෙර අදාල ප්‍රදේශවලින් දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තාවී තිබේ.

වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, මේ වනවිට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහෙළ ගොස් ඇති බවයි. ඒ පිළිබඳ ජනතාව සැළකිලිමත් විය යුතු බව, ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here