පුරප්පාඩු වී තිබෙන මහලේකම් ධුරය සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී මහ ලේකම්ධූරය සඳහා සුදුස්සකු පත්කිරීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිදුවනු ඇති බවයි.
මේ අතර එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනටමත් ශ්‍රීලනිප මහලේකම්ධූරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනකු අතර තරඟයක් නිර්මාණය වී ඇති බවයි.
දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.
එහෙත් එම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බවට දේශපාලන ආරංචි මාර්ග කීය.
හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම ධුරයෙන් ඉවත්කර වැඩ බලන මහලේකම් ලෙස එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන සරත් ඒකනායක පත් කළේය.
එහෙත් එම තනතුරේ වැඩ බැලීම අධිකරණය විසින් පසුගියදා වලක්වනු ලැබීය.
පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ධුරයේ වැඩකටයුතු ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල පසුගියදා පත් කෙරුණි.
මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්ථීර මහ ලේකම්වරයකු පත් කර නොමැති අතර, එම මහලේකම් ධුරය සම්බන්ධයෙන් පක්ෂය තුළම දැඩි තරගයක් නිර්මාණය වී තිබේ.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සූදානමින් සිටින බවයි.