Home උණුසුම් පුවත් වතු කම්කරුවන්ට ඉඩම් කැබලි බෙදයි

වතු කම්කරුවන්ට ඉඩම් කැබලි බෙදයි

වතු කම්කරුවන්ට ඉඩම් කැබලි බෙදයි

පර්චස් 10 බැගින් වූ ඉඩම් කැබලි වතු කම්කරුවන් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක් ව එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

වතුකරයේ ආසන්න වශයෙන් 250,000ක් වන වතු කම්කරු පවුල්වලින් 60,000කට පමණ මේ වනවිට ඉඩම් අයිතිය ලබා දී ඇති අතර, සෙසු පවුල් සඳහා ඉඩම් අයිතිය තහවුරු කිරීමට හෙක්ටයාර 5,000ක් අවශ්‍ය ව පවතින බව ද අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.

පෞද්ගලික වැවිලි සමාගම් සතු ව පවතින භාවිතයට නොගන්නා ඉඩම් පොදු අවශ්‍යතා සඳහා පවරා ගැනීමට සකස් කර ඇති නීති කෙටුම්පත කඩිනමින් ගෙන ඒම සඳහා පක්ෂ බේදයෙන් තොර ව සියලු මන්ත්‍රීවරුන් එක් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here