Home උණුසුම් පුවත් පරණ ඒවා හදලා දිව්වත් ප්‍රශ්නමයි -ඉන්දියාවෙන් අලුත් දුම්රිය එන්ජින්

පරණ ඒවා හදලා දිව්වත් ප්‍රශ්නමයි -ඉන්දියාවෙන් අලුත් දුම්රිය එන්ජින්

පරණ ඒවා හදලා දිව්වත් ප්‍රශ්නමයි -ඉන්දියාවෙන් අලුත් දුම්රිය එන්ජින්

මෙරටට දුම්රිය එන්ජින් 10ක් ලබාදීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබේ.

ණය ආධාරයක් ලෙස එම දුම්රිය එන්ජින් මෙරටට ලැබෙනු ඇත.

ඒවා ගෙන ඒමට පෙර, තත්ත්ව පරීක්ෂාවක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා යාමට නියමිතව ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරි ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා සඳහන් කළේය.

එන්ජින් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා මතුව ඇත.

ඔහු සඳහන් කළේ, පැරණි එංජින් අලුත්වැඩියා කර ධාවනයට එක් කළ ද විවිධ අවස්ථාවල ඒවා කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මගීන් අපහසුතාවට පත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here